Shipping Instructions - Sinhala

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු 100% රජයට අනුබද්ධ නිශ්කාශන මධ්‍යස්ථානයකින් නිෂ්කාශන කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ එකම ආයතනය ඔස්ට්ලැක් කාගෝ ආයතනයයි.

ඔබගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ දී භාණ්ඩ ලබාගත හැකි ක්‍රම තුනක් ඔස්ට්ලැක් කාගෝ විසින් හඳුනා දී ඇත.

1. ඔස්ට්ලැක් කාගෝ කඩවත ගබඩාව තුළින් – භාණ්ඩ ලබා ගත හැකි කාලය විනාඩි 5 සිට 15 දක්වා

2. පෑලියගොඩ  කස්ටම් ගබඩාව තුළින් – භාණ්ඩ ලබා ගැනීමේ කාලය පැය 2 සිට පැය 4 දක්වා

3. Door to Door සේවාව මගින් ඔබගේ නිවස වෙත ප්‍රවාහනය කිරීම

ඔස්ලක් (AUSTLAK CARGO) සමග භාණ්ඩ නැව්ගත කිරීමේ  උපදෙස්.

අප ආයතනය සමග  භාණ්ඩ නැව්ගත කිරීම  සඳහා ලියා පදිංචි වීම ගැන ස්තුතිවන්ත වෙමු .

පහසු සහ ඉක්මන් නැව් ගත කිරීමක් සඳහා කරුණාකර පහත උපදෙස් පිළිපදින්න.

ඔස්ට්ලැක් කාගෝ (Austlak Cargo) අපගේ ගනුදෙනුකරුවන් වන ඔබ සැමට වඩාත් පහසු සේවාවක් සැපයීමට සැමවිටම උත්සාහ කරයි. එබැවින්  ඔබගේ සහ ඔබට සේවා සපයන අපගේ පහසුව සඳහා පහත උපදෙස් පිළිපදින මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.

නැව්ගත කරන ලබන සියලුම භාණ්ඩ ඔබ විසින් අදාල පෙට්ටි තුළ හෝ ඇසුරුම්වල සුදුසු පරිදි  අසුරා තිබිය යුතුය. යම්කිසි බිඳෙන සුළු භාණ්ඩ නැව් ගත කරන්නේ නම් ඒවා නොබිදෙන ලෙස ඇසිරීම ඔබගේ වගකීමයි. ඔස්ට්ලැක් කාගෝ ආයතනය ඔබගේ භාණ්ඩ නැවත ඇසුරුම් නොකරන අතර ඔබ ලබා දුන් ආකාරයටම කන්ටේනර බහලුම් තුළ අසුරා නැව්ගත කිරීම සිදුකරනු ලබයි.

ඔබේ භාණ්ඩ හෝ පෙට්ටි ටේප් (tape) හෝ පටි (Straps) මගින් සුරක්ෂිතව අලවා. අප වෙත බාරදෙන්න තවද නැව් ප්‍රකාශන පෝරමය (Shipping Declaration) සම්පුර්ණයෙන්ම පුරවා ඔස්ට්ලැක් කාගෝ ආයතනයට  බාරදෙන්න.

ඔබ නිවසින් භාණ්ඩ ලබා ගැනීමේ සේවාව සඳහා ඉල්ලුම් කරන්නේ නම් අප ඔබ නිවසට පැමිණෙන දිනට පෙර භාණ්ඩ අසුරා අවසන් කර තිබිය යුතුය. එහි යවන්නාගේ (Sender) සහ ලබාගන්නාගේ (Receiver) නම සහ ලිපිනයන් පැහැදිලිව ඔබගේ භාණ්ඩ හෝ පෙට්ටි වල ඒ සදහා වෙන්කර ඇති ස්ථානවල පැහැදිලිව සටහන් කල යුතුය.

තවද මත්පැන් (Liquor), නීති විරෝධී (Illegal or Prohibited) සහ තාවකාලිකව අත්හිටුවන ලද භාණ්ඩ (Temporary Suspended) සඳහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරන අතර එම භාණ්ඩ නැව්ගත භාණ්ඩ ලේඛනයට ඇතුළත් වී තිබීම හෝ නොතිබීම අදාල නොවනු ඇත.

 

නැව්ගත භාණ්ඩ ලේඛනය (CARGO PACKING LIST)

ඔබ අප සමඟ නැව්ගත කරන භාණ්ඩ වල සුරක්ෂිතතාවය රැක දීම අපගේ මූලික වගකීමයි මේ සඳහා භාණ්ඩ නැව්ගත කිරීමේ දී ඔබ විසින් අසුරන ලද භාණ්ඩ ලේඛනයක් අප වෙත ලබා දෙන්නේ නම් අප සේවාව වගකීමක් සහිතව ඉටුකරදීමට අපට හැකියාව ලැබෙනු ඇත.

යම් හෙයකින් භාණ්ඩයක් අස්ථානගත වීමක් හෝ පලුදු වීමක් සිදු වූ විට මෙම ලේඛනය ඉතා වැදගත් වන අතර එම අස්ථානගත වූ භාණ්ඩ වෙනුවට වන්දි මුදලක්  ලබාගැනීමට මෙම නැව්ගත භාණ්ඩ ලේඛනය අත්‍යවශ්‍ය වෙයි. ඒ නිසා ඔබ විසින් අසුරන සියලුම භාණ්ඩ මෙම ලේඛනයට ඇතුළත් වී  තිබිය යුතුය. යම්  අතපසුවීමකින් හෝ සිතාමතා ඇතුළත් නොකරන ලද භාණ්ඩ සඳහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරන බව කණගාටුවෙන් දැනුම් දෙමු.

නැව්ගත භාණ්ඩ ලේඛනය මෙම යෙදුම මගින් බාගත හැකිය.

https://www.austlak.com.au/wp-content/uploads/2021/05/packing-list.pdf

සැලකිය යුතුයි;

ඔබ සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට යන්නේනම් හෝ සංචාරයක් සදහා ඔස්ට්‍රලියාවට පැමිණ ආපසු යන්නේනම්, භාණ්ඩ යවන්නාගේ (Sender) සහ ලබාගන්නාගේ (Receiver) නම සමාන විය යුතුය. එසේ නොවුනහොත් ඔබට හිමි තීරුබදු දීමනාව (Duty Allowance) අහිමිවනු ඇත. වැඩි විස්තර දැනගැනීම සදහා අප අමතන්න.

ඔබේ භාණ්ඩ හෝ පෙට්ටි ටේප් (tape) හෝ පටි (Straps) මගින් සුරක්ෂිතව අලවා ඒවා රැගෙන යාමට පැමිණෙන වේලාවට පෙර ඉදිරිපස දොරටුව අසල හෝ ගරාජය තුල තබන්න.තවද නැව් ප්‍රකාශන පෝරමය (Shipping Declaration) සම්පුර්ණයෙන්ම පුරවා තබා යුතුය.

භාණ්ඩ හෝ පෙට්ටි රැගෙන යාමට පැමිණෙන විට ඒවා අසුරා අවසන් කර නොතිබුණහොත් ඒවා නිමවන තුරු රැදී සිටීමට නොහැකිවේ එසේ උවහොත් ඒවා ඊට පසු දිනක රැගෙන යාමට  සිදුවන බව කරුණාවෙන් සලකන්න.

දෙපාර්ශවයේම ආරක්ෂාව සඳහා නිවෙස් අභ්‍යන්තරයේ හෝ කාමර තුළ පෙට්ටි තබා ගැනීම නොකරන ලෙස කරුනවෙක් ඉල්ලා  සිටිමු. 

 

කරුණාකර උපරිම බර කිලෝග්‍රෑම් 30 සීමාව තුළ පවත්වා ගන්න. එය නීතිමය අවශ්‍යතාවයකි.

කිසියම් පෙට්ටියක් හෝ භාණ්ඩයක් කිලෝග්‍රෑම් 30 ඉක්මවා ඇත්නම් එම භාණ්ඩ ඔබ නිවසින් රැගෙන යා නොහැකිය, ඒවා Hallam ගබඩාවට ගෙනවිත් බාරදිය යුතුය. 

කෙසේ වෙතත් කිසිදු භාණ්ඩයක් හෝ පෙට්ටියක් කිලෝ ග්‍රෑම් 30 සීමාව ඉක්මවා ගියහොත් එම භාණ්ඩ වලට ප්‍රවාහනයේදී සහ නැව්ගත වීමේදී සිදුවන කිසිදු හානි වීමකට හෝ ඇසුරුමට හානිවීම නිසා සිදුවන අස්ථාන ගතවිමකට ඔස්ට්ලක් කාගෝ (Austlak Cargo) විසින් කිසිදු වගකීමක් දරන්නේ නැත.  තවද අධි බර  බහලුම් සඳහා අමතර නිෂ්කාශන පිරිවැයක් ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

අපි සාමාන්‍යයෙන් භාණ්ඩ රැගෙන යාමට පැමිණෙන දිනයට එක දිනකට හෝ දින කීපයකට පෙර  දළ වශයෙන් වේලාව සහ දිනය දැනුම් දෙන අතර නියමිත වේලාවට පැමිණීමට හැකි උපරිම උත්සාහයක් දරන්නෙමු. කෙසේ වෙතත්, කාලගුණික තත්ත්වය සහ ගමනාගමන තත්ත්වය වැනි අනපේක්ෂිත හේතූන් නිසා අපට නියමිත වේලාවට පැමිණිය නොහැකි අවස්ථා තිබේ.

එමනිසා භාණ්ඩ රැගෙන යාමට පැමිණෙන තුරු යමෙකු නිවසේ රැඳී සිටින ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. ඉතා විශාල පෙට්ටි ප්‍රමාණයක් එක දිනක් තුලදී ලබාගත යුතු නිසා නැවත වරක් ඔබ නිවසට පැමිණිම ප්‍රයෝගික නොවන බව කරුණාවෙන් සලකන්න. යම් හෙයකින් අප පැමිණෙනවිට ඔබ නිවසේ කිසිවෙකු සිටීමට නොහැකි උවහොත් ඔබගේ භාණ්ඩ Hallam ගබඩාවට ගෙනවිත් බාර දීමට සිදුවනු ඇත. 

ඔබට යවන භාණ්ඩ ලංකාවේ නියමිත දිනකට පෙර ලැබිය යුතුනම් කරුණාකර එම දිනට සතියකට හෝ දෙකකට පෙර නැව්ගත කරන ලෙස කරුණාවෙන් දෙනුම් දෙමු. එම භාණ්ඩ ඔබට අවශ්‍ය දින තෙක් අප කඩවත ගබඩාවේ කිසිදු අයකිරීමකින් තොරව තබා ගැනීමේ පසුකම් ඇත.

ස්තුතියි

ඔස්ට්ලක් කාගෝ (Austlak Cargo)

Austlak Cargo © All Rights Reserved.2024

Designed by : MacroMarketing